Posted on 01.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මූණත් තහඩුව පෙන්නලා කතිරය හිගාකාලා පළාත්පාලන අායතනවලට අැවිත් බලතල අරගෙන ෙකාන්ත්‍රාත්, ෙකාමිස් ගැනීමේ ෙද්හපාලනයක් තමන්ට නැති බව විප්ලවවාදී ශිෂය සංගමයේ සංජීව බණ්ඩාර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘නොරැවටෙමු-නැගී සිටිමු’ යන තේමාවෙන් ඊයේ (15) ගාල්ල කරන්දෙනියේදී පැවති පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනහමුවක් අමතමිනි. එම පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන විප්ලවවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ජනහමුව අැමතූ සංජිව බණ්ඩාර මෙස්ද ප්‍රකාශ කළේය.
“මැතිවරණයකට ඉදිරිපත්වීම රැස්වීම් පැවැත්වීම අලුත් දෙයක් නෙවෙයි. නමුත් පෙරටුගාමි සමාජවාදී පක්ෂය වශයෙන් අපි මේ මැතිවරණයට කරන මැදිහත්වීම අනෙක් දේශපාලන පක්ෂවලට වඩා වෙනස්. අපි පක්ෂයක් ලෙස මේ මැතිවරණයේදි තරග කරන්න ඉදිරිපත් නොවුණත් අපට බරපතළ වගකීමක් තිබෙනවා, සමාජයක් ලෙස රටක් ලෙස අපට මුහුණ දෙන්නට නියමිත අදුරු ඉරණම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ඒ් වගේම ඒ් විනාශය වැළැක්වීම සදහා ජනතාව දැනුවත්කිරීමට අැති අයිතිය වෙනුවෙන් අපි ඔබ ඉදිරියට අාවෙ.
අැත්තටම මේ මැතිවරන ක්‍රමය විසින් ප්‍රතිපත්තිමය දේශපාලනය කරන අයකුට ඉදිරියට පැමිණීමේ ඉඩකඩත් උදුරාගෙන තිබෙන්නෙ. 2015 මේ අය බලයට පත්වෙන්න කලින් ජනාධිපතිවරණය හමුවේ ගෙනාව සටන්පාඨය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය වැනි දේවල්. හොරු අල්ලනවා කියපු අය දැන් ෙලාකුම හොරකමේ චූදිතයන් වෙලා. යහපාලනය, දූෂණ නැවැත්වීම වගේ මාතෘකා දැන් විහිලුවට ලක්වනෙවා . අාණඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වුණෙත් දූෂිත මැතිවරණ ක්‍රමය ඉවත් කරලා ජනතා පරමාධිපතය තහවුරු කළ හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමය.ඒක් ඒක් අවස්ථාවල විවිද සංශෝධන ගෙනාවා. අලුතින් පළාත්පාලන මැතිවරන ක්‍රමය සංශෝධන කර තිබෙන්නෙ ජනතාවට වාසිදායක වන්නට නොවේ, අාණ්ඩුවේ බලය තහවුරු කරගැනීමටයි.
20 වැනි අාණ්ඩු ක්‍රම වයවස්ථා සංශෝධනය ගෙනාෙවම ඡන්ද කල්දාන්න. පළාත්පාලන මැතිවරණය විතරක් අවුරුදු 3ක් කල් දමනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ඒ් සංශෝධන සම්මත කරන්න නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට. අාණ්ඩුව දැන් දන්නවා 2015 දුන් පොරොන්දු සියල්ල කැඩිලා ඉවරයි. ඒ් නිසා අාණ්ඩුව දන්නවා දැන් මොන මැතිවරණ යටතේ වුවත් ජනතාවගෙන් ඡන්ද දිනාගන්න බැරි බව. ඒ් නිසා දැන් පනත් සංශෝධන හා මැතිවරණ පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සංශෝධනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ් නිසා තමයි සමහර අය කියන්නෙ මේක හරක් හොරුන්ෙ ක්‍රමයට පනත් සම්මත කිරීමක් හැටියටයි. ලොරිය ඉස්සරහින් බුදු සරණයි කියලා ගහගෙන හොර හරක් පන්නාගෙන යනවා.
ඉතින් මේ අාණ්ඩුව විතරක් නෙවෙයි දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවාරු ගහන හැමෙදනාම මේ මැතිවරණයෙන් පස්සට දාගන්න උත්සාහ කළා. ඒ්කාබද්ධ විපක්ෂයඅවුරුදු 3ක් මැතිවරණ වෙනුවෙන් කෑ ගැහුවලු. ඒ්ත් ඒහෙම හඩක් නැගුවද නැද්ද කියලා අපි දන්නවා. ෙමාකද ඒ්කාබද්ධ විපක්ෂය පරාජය භාරගෙන හිටියෙ. ජනතා විමුක්ති පෙරමුණත් රෙද්දක් අැදගෙන පාරට බහින්න බැරුව හිටියෙ. ජ.වි.පෙ. ඒළියට බැහැ ගන්න බැරිවයි හිටියෙ මොකද? ඒ් 2015 මෙෙත්‍රිපාල සිරිසේන බලයට පත් කරන්න අනියමින් සහාය දිලා ඉන්පස්සෙ ඒ් අාණ්ඩුවෙ ද්‍රෝහී අණපනත් සේරටම පක්ෂව අත උස්සපු නිසා ඒ්ක වුණේ.“

සංජීව බණ්ඩාරගේ කතාවෙන් උපුටාගත් කොටසකට මෙතැනින් සවන් දෙන්න.