தமிழ்
English
Contact
Friday 26th January 2018    
රුහුණ සරසවි සිසු නායකයට වසර දෙකක පන්ති තහනමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ සරසවි සිසු නායකයට වසර දෙකක පන්ති තහනමක්



රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් උද්ගෝෂණයක් අතරතුර පිරිස ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය උපකුලපතිවරයාට චෝදනා කරමින් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් වසර දෙකක පන්ති තහනමක් පැනවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(18) දිනයේ සිට තවත් වසර දෙකක් යනතුරු ඔහුට විශ්වවිද්‍යාල භූමියට ප්‍රවේශ වීම තහනම කර ඇති අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සතු සියළු අයිතිවාසිකම් ද අහිමි කර ඇත.

මේ වන විට ඔහු තෙවන වසර දෙවන සාමාසික අවසන් විභාගයට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා ඉදිරිපත් වීමද මේ අනුව වලක්වා ඇත.

කෙසේ වෙතත් පාලනාධිකාරිය ගැටළු විසදීම පසෙකලා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන සිසු නායකයින් මර්දනය කිරීමට කටයුතු කරන බව මෙවැනි සිදුවීම් හරහා පැහැදිලිව දැකගත හැක.