Posted on 03.03.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සිය ඉල්ලීම් ලබාදීම තවදුරටත් ප්‍රමාදවන්නේ නම් විශ්වවිද්‍යාලවල ස්‌වෙච්ඡා කටයුතුවලින් ද ඉවත් වන බවට අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ පාලකයන්ට අනතුරු අඟවති.
වෘත්තිය ගැටලු ගණනාවකට විසදුම් ඉල්ලා විශ්ව විද්‍යාල අනධ්‍යයන ෙස්වකයන් ෙපබරවාරි 28 වැනිදා සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක් ආරම්භ කළහ. වැටුපට සාපේක්‌ෂව ලබාදෙන දීමනාව වැඩි කිරීම 2011 වසරේ සිට අත්හිටවූ භාෂා දීමනාව ලබාදීම 2006 වසරේ සිට ක්‍රියාත්මක බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත. වැඩවර්ජනයේදී වුවද කෘෂි පීඨයන්හි සත්ව ගොවිපළවල සතුන් රැකබලා ගැනීම, වෛද්‍ය හා විද්‍යාපීඨයන්හි රසායනාගාර කටයුතු අඛණ්‌ඩව පවත්වා ගැනීම, විශ්වවිද්‍යාලවලට හා නේවාසිකාගාරවලට ජලය සැපයුම මෙන්ම ආරක්‌ෂක කටයුතු වැනි ස්‌වෙච්ඡා සේවාවන්ගෙන් අනධ්‍යයන කාර්ය මණ්‌ඩල ඉවත් වී නැත. අනධ්‍යයන සේවකයන් මෙම කටයුතුවලින් ඉවත් වුවහොත් විශ්වවිද්‍යාල වසා දැමීමක් සිදු නොවන නමුත් විශ්ව විද්‍යාල පරිශ්‍රයන්හිදී ඒයින් සිදුවන වියවුල්සහගතභාවය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම නොවැළැක්‌විය හැකිය. කෙසේවෙතත් තම ඉල්ලීම්වලට විසඳුම් නොදෙන්නේ නම් ස්‌වෙච්ඡා සේවාවන්ගෙන් ද ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ ජනමාධ්‍යවේදින් අමතමින් පවසයි.