தமிழ்
English
Contact
Thursday 12th April 2018    
බයෝෆුඩ්ස් සේවක මරණවලට සමාගම වගකිව යුතුයි – ලෝක සමාජවාදී වෙබ් අඩවිය « Lanka Views | Views of the truth

බයෝෆුඩ්ස් සේවක මරණවලට සමාගම වගකිව යුතුයි – ලෝක සමාජවාදී වෙබ් අඩවිය



මාර්තු 22 දින දඹුල්ල, බයෝෆුඩ්ස් අායතනයේදී ශ්වසන අාබාධයකට ලක්ව ප්‍රතිකාර ලබද්දී මියගිය සේවක දෙපළගේ මරණයට හේතුව සමාගම් පාලකයන් විසින් නිසි අාරක්ෂාව නොසැලසීම බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කරයි.

දඹුල්ල පන්නම්පිටියේ සීමාසහිත බයෝ ෆුඩ් පෞද්ගලික සමාගමේ, ශීත කළ ශාඛ නිෂ්පාදන ඇසුරුම් සේවයේ යෙදී සිටි මධුෂාන් ජයවර්ධන සහ එච්.එම්.ජී.නිරෝෂා දිල්රුක්ෂි කර්මාන්ත ශාලාව තුලදී ක්ලාන්තව සිටියදී සොයාගනු ලැබිණි. පසුව රෝහල්ගතකර ප්‍රතිකාර ලබද්දී ඔවුහු මිය ගියහ. ‘සේර’ අඹරන යන්ත්‍රයකින් නිකුත් වූ ළුිෂවායු අාඝ්‍රාණය වීමෙන් අැතිවූ තත්වයක් ඔවුන්ගේ මරණවලට අාසන්න හේතුවක් ලෙස සැක කෙරේ. කම්හල් සේවකයන් විසින් හෙළිදරව්කර අැති අන්දමට මියගිය දෙදෙනා වැඩකළ, අධිශීතාගාර අංශයේ සේවා කටයුතු පවතින්නේ දැඩි අවදානම් සහගත තත්වයකය. මේ වන විටත් ඒම  අධිශීතාගාර අංශයේ ඉදිකිරීම් අවසන්ව නැති අතර, මියගිය නිරෝෂා සහ මධුෂාන් විසින් සිදුකළ කාර්යයන් අැත්ත වශයෙන්ම සිදුකළ යුත්තේ ස්වයංක‍්‍රිය යන්ත‍්‍රානුසාරයෙනි. එහෙත් අතිරේක අාහාර නිපැයුම් දුව්‍ය සඳහා පවතින අධික ඉල්ලූම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නිමවීමට පෙර මිනිස් ශ‍්‍රමය යොදා ගැනීමට සමාගම් පාලකයන් කටයුතු කර තිබිණි. ඒහි වැඩ කළ සේවකයන් නිරන්තරයෙන් ස්වසන අපහසුතාවන් පිළිබද පැමිණිලි කළ බව පවසන සේවකයෝ තවදුරටත් සැකකරන්නේ මෙම මරණයන් සම්බන්ධයෙන් ද ඒ ශ්වසන අපහසුතාව බලපා අැති බවය.

බයෝ ෆුඞ්ස් කර්මාන්ත ශාලා සමූහයට අයත් කර්මාන්ත ශාලාවක් වන මෙහි ශීත කල කරපිංචා , සේර, රම්පේ ආදිය ඇසුරුම් කර අපනයනය කරන අතර පිරිමි සහ කාන්තා කම්කරුවන් 50 ක් පමන සේවය කරති. බයෝ ෆූඞ් කර්මාන්ත ශාලා සමුහයේ මුලු සේවක සංඛ්‍යාව 800 ක් පමණ වෙති. සමාගමේ ප‍්‍රධාන කාර්යාලය මහනුවර පිහිටා ඇති අතර තේ, පොල්, කුලු බඩු හා ශීත කල නිෂ්පාදන සම්බන්ද තවත් කර්මාන්ත ශාලා කිහිපයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ස්ථානගතව ඇත.

මූලාශ්‍රය – ලෝක සමාජවාදී වෙබ් අඩවිය