Posted on 04.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාත්‍යන්තර කම්කරු දිනය මැයි පළමුවැනිදා පැවත්වීමට වෙනස් කරන කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන කම්කරුවන්ට ලංකාවේ වෘක්තීය සමිති ව්‍යාපාරයට තියෙන අයිතිය අහිමි කරවන අදාල නීතිමය නිවේදනයක් අද දිනයේදී නිකුත් කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවෙ බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාරයාලයේදී අද දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.
තවදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන ලේකම්වරයා මෙසේ පැවසීය.
“අංක 2066/17 කියන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කරලා තිබෙනවා ස්වදේශ කටයුතු වජිර අබෙවර්ධනගේ අත්සනින්. මැයි මාසයේ පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා රජයේ නිවාඩුවක් සහ බංකු නිවාඩුවක් ලෙස නම්කරලා තිබුනා. නමුත් මේ නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව, මැයි 01 නිවාඩුව පළවැනිදා ලබා නොදී හත්වැනිදා ලබා දෙන සඳහන් වනවා. ඒ අනුව පළවැනිදා නිවාඩුව අවලංගුවෙනවා. දැනට දින දර්ශන වල මැයි 01 රජයේ සහ බැංකු නිවාඩුවක් ලකුණු කරලතිබෙනවා. ඒ අනුව එම නිවාඩුව ඉවත්වෙනව බව සඳහන් වනවා.
දිගු කාලයක් තිස්සේ ලංකාවේ ජනතාවත් වසර 150 ට ආසන්න කාලයක් තිස්සේ ලෝකයේ ජනතාවත් බුක්තිවිඳිමින් සිටින අයිතියක්, කම්කරු ජනතාවගේ අයිතියක් මුලූමනින්ම උදුරාගැනීමක් මෙම ආණ්ඩුව කරමින් තිබෙන්නේ. මේකට අදාල විවිධ හේතු මේ වෙද්දී පැවසනවා. ඒ අතර වෙසක් පොහොය දිනය හේතුවක් ලෙස ගැනෙනවා. නමුත් වෙසක් පොහොය දින දෙක පේ‍්‍රල් 29 සහ 30 දින වලයි තිබෙන්නේ. පළවැනිදාට වෙසක් පොහොය පිළිබඳ ප‍්‍රශ්නයක් එන්නේ නෑ. සිල්ගැනීම වැනි ආගමික කටයුතු නියමවෙලා තිබෙන්නේ 29 වැනිදට. 30 වැනිද කියන්නේ අමතර දවසක්. ඉන් පසු දවසක දවල් වරුවේ හෝ සවස් වරුවේ පැවැත්වෙන කුමණ ආකාරයක රැුස්වීම් , පෙලපාලි, උත්සව වෙසක් උළෙල එක්ක සම්බන්ධයක් නෑ. වෙසක් එකට එයින් බලපෑමක් වෙන් නෑ. දැන් මේ කරමින් යන දේ හොදින්ම පැහැදිලියි. වෙසක් උළෙල ගැන තාක්ෂණික කරුණක් කියමින්, එම තාක්ෂණික කරුණ මත සිටිමින් කම්කරු ජනතාව මෙතක් කල් බුක්ති විඳපු අයිතියක් උදුරාගනිමින් තිබෙනවා. ප‍්‍රශ්නයක් තිබෙන්නේ තාක්ෂණික කාරණය නොවේ. මේ පිටුපස තිබෙන දේශපාලන උවමනාවයි.
මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩුව වගේම කම්කරු විරෝධී වැඩපිළිවෙලක් දියත් කරමින් ඉන්නවා. එක පැත්තකින් රාජ්‍ය අංශ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම, පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 8 වැඩ දිනය අහෝසිකිරීම. වතු කම්කරුවන් සඳහා කිසිදු නීතිමය අයිතියක් වරප‍්‍රසාදයක් ලබා නොදීම විතරක් නොවේ, ඔවුන්ට සිවිල් පුරවැසියකුගේ අයිතියවත් ලබා නොදීම. මේ සියලූම දේවල් විවිධ අංශ වල කම්කරුවන්ට අදාලව කරමින් යනවා. ගොවීන්ට අදාලව ඉඩම් ජලය, බීජ අයිතීන් උදුරාගැනීම, පොහොර සහනාධාරය උදුරාගැනීම. ධීවරයන්ට අදාලව , විදේශික සමාගම්වලට මුහුද බදුදීම, වරාය නගරය වැනි ව්‍යාපෘති හරහා ධීවර කර්මාන්තය විනාශ කිරීම. ශිෂ්‍යන්ට අදාලව ගත්තොත්, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීම. මේ සියල්ල වැඩපිලිවලක්ලෙස කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. මේ වැඩපිළිවලේ අදියරක් විදිහට තමයි කම්කරු අයිතීන් අහොසිකිරීම සිදුකරන්නේ.
මේ ආණ්ඩුව මුලදීමත් ප‍්‍රකාශකළා යල්පැනපු කම්කරු නීති ලංකාවේ තිබෙන්නේ ඒවා වෙනස්කරනවා කියලා. යල් පැනපු කම්කරු නීති ලෙස ඔවුන් හදුන්වන හැම එකක්ම කම්කරුවන්ගේ අයිතිවාසිකම්. එනිසා තමා ආණ්ඩුව අනපනත් 14ක් සංශෝධය කරන්න උත්සහ කරමින් ඉන්නේ. වෘතිය සමිතිආඥා පණත, කාර්මික ආරවුල් පනත ඇතුලූ කම්කරු නීති 14ක් සංශෝදනය කරන්න උත්සහ කරන්නේ. මෙන්න මේ වගේ වෙලාවක ඒකට එරෙහිව කම්කරුවන්ගේ බලය කම්කරුවන්ගේ ශක්තිය කම්කරුවන්ගේ එක්සත්කම මතුවන ජාත්‍යන්තර කම්කරු දිනය තමයි දැන් මොවුන් නවත්වන්න හදන්නේ. බි‍්‍රතාන්‍යන් ඉන්න කාලෙ ඉඳල ලංකාවේ නීතියකින් සම්මත කරල තිබුණු මැයි පළමුවැනිදා නිවාඩු දවස කම්කරුවන්ගෙන් උදුරගන්නයි මේ විවිධ හේතු ගෙනආවේ.
ඉතිහාසයේ වෙදිකාවේ විවිධ අය රඟදක්වන්න පටන් අරන්. මෙකේ හොරු රඟදක්වනවා. මංකොල්ලකාරයෝ ඉතිහාසියේ වේදිකාවේ රගදක්වනවා වංචනිකයෝ, මිනීමරුවෝ, මේ හැම කෙනාම ඉතිහාසයේ වේදිකාවේ රගදක්වනවා. ඉතිහාසයේ දේදිකාවට ප‍්‍රවිස්ඨවෙලා නැත්තේ කම්කරු පන්තිය. කම්කරුවෝ ඉතිහාසයේ වේදිකාවේ නෑ. ගොවියෝ ධීවරයෝ, ශිෂ්‍යයෝ තරුණයෝ ඉතිහාසයේ වේදිකාවේ නෑ. ඒ වේදිකාවේ නැති එක පාවිච්චි කරමින් තිබෙන්නේ කොහොමද කියල ඉතාම හොදින් කම්කරු දිනය අවංගු කිරීමේ සිදුවීමෙන් ඉතාම පැහැදිලියි. කම්කරුවෝ කරන්න ඕන මොනවද? කම්කරුවෝ නොකරන්න ඕන මොනවද?, කම්කරුවෝ ගන්න ඕන අයිතීන් මොනවද? කම්කරුවෝ අතහරින්න ඕන අයිතීන් මොනවද? කම්කරුවෝ දණගහන්න ඕන කොතනද? කම්කරුවන්ගේ දින කවදද සමරන්නේ? ඒ දින ගැන තීරණ ගන්නේ කවුද? අරගල කරන්නේ කවුද අරගල වල සටන්පාඨ තීරණය කරන්නේ කවුද? ඒ සියලූම දේවල් කම්කරුවන්ගෙන් උදුරගෙන ඒවා පාලක පන්තිය අතට අත්කරගැනීමේ ගැනීමේ උත්සහයක් තමා මේ සිද්ධවෙන්නේ.
අපි දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම වගකීමෙන් කියනවා අපි මේ නියොගය ඉස්සරහා දණගහන්නේ නෑ. පෙරටුගාමී සමාජවාදීපක්ෂය ලෙස කම්කරු දින රැස්වීම සහ පෙළපාලිය කලින් තීරණය කරගත් ආකාරයටම මැයි මාසේ පළමුවැනිදා පවත්වනවා. ඒ වගේම මේ ස්ථාපිතයේම කොටස් බවට පත්වෙලා තිබෙන දක්ෂිනාංශික සහ සුළුධනේශ්වර දේසපාලන ව්‍යාපාර අතලොස්සක් ඇරෙන්න ඉතිරි සියලූ වෘත්තිය සමිති ඉතිරි සියලූම වෘත්තිය සමිති වාමාංශික දේශපාලන පක්ෂ මැයිමාසේ පළම්වැනිදා තමන්ගේ කම්කරුදින පෙළපාලිය සහ රැුලිය පවත්වන්න තීරණය කරල තිබෙනවා. කම්කරු දින රැලිය නිශචිත වශයෙන්ම කොළඹ පවත්වනවා. නුවරට, ගාල්ලට, පොලොන්නරුවට, යාපනයට, කිලිනොච්චියට, පැනල යන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ආණ්ඩුව මේ ගේන මර්දනය, මේ තහනමට එරෙහිව නිශ්චිත වශයෙන්ම අපේ පෙළපාලිස සහ රැලිය කොළඹදී පවත්වනවා.
අනෙකුත් සියලූම වාමාංශික පක්ෂවලින් වෘත්තිය සමිතිවලින්, ඉල්ලා සිටිනවා මැයි මස පළමු වැනිදාම ජාත්‍යන්තර කම්කරු දින සැමරුම පවත්වන්න කියල. ඒ වගේම මේ අයිතිය පාවාදෙමින් මැයි මස පළමු වැනිදා කම්කරු දිනය කම්කරුවන්ට අහිමිකිරීම සඳහා එකතුවෙලා ඉන්න සියලූ පාර්ශව හෙලිදරව් කරගන්න කියලත් අපි ජනතාවගෙන් ඉලිලනවා. මේ ගැසට් නිවේදනය හරහා නිකුත්තකරල තිබෙන රජයේ ස්ථාවරය අපි මුලූමනින්ම ප‍්‍රතිෂේප කරනවා. අපි කම්කරු ජනතාවන්ට කියනවා කම්කරුවන් ඉතිහාසයේ වේදිකාවේ නොමැතිවීමේ වන්දිය තමා මේ ගෙවන්න වෙලා තිබෙන්නේ. එනිසා තමයි කම්කරුවන්ගේ අයිතීන් පාගන්නේ. කම්කරුවන්ට අවමවන් කරන්නේ, කම්කරුවන් සඳහා තිබෙන දිනය පවා උදුරග්නනේ. එනිසා කම්රුවන් ඉතිහාසයේ වේදිකාවට පැමිණේන දිනයක් බවට 2018 මැයි 1 කම්කරු දිනය පත්කරගමු.”