ජනක කුමාර නැමැති පුද්ගලයෙකු තමන්ව අනුකරණය කරමින් රඟපෑමවල නිරත වන බැවින් ඔහුගේ රඟපෑම් තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා චිත්‍රපට නළු බන්දු සමරසිංහ විසින් කර තිබූ ඉල්ලීම ජූලි 12 දින සලකා බවන බව අධිකරණය අද (05) ප්‍රකාශ කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ජනක කුමාර නැමැති අදාළ පුද්ගලයා චිත්‍රපට නළු බන්දු සමරසිංහ අනුකරණය කරමින් රඟපාන බවට ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මේ තුළින් තම කිර්තියට හානියක් සිදුවන බව බන්දු සමරසිංහ ප්‍රකාශ කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙය බුද්ධිමය දේපළ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් තමන් අනුකරණය කරමින් සිදුකරන රඟපෑම තහනම් කිරීමේ අතුරු නියෝගයක් කරන ලෙස බන්දු සමරසිංහ ඉල්ලා ඇති බව සඳහන්ය.