Posted on 02.11.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) කොරෝනා හේතුවෙන් මරණයට පත්වන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ ලබාදීමට තීරණය කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ කළ පාර්ලිමේන්තු ප්‍රකාශයට පටහැනි ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසින් අද(11) ප්‍රකාශයක් සිදුකර ඇත.
ඊයේ සමගි ජන බලවේගය මන්ත්‍රි එස්.ඒම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකදී නැගී සිටි අගමැති මහින්ද රාජපක්ෂ කෝරෝනා මරණ භූමදානයට අවසර දෙන බවට ප්‍රකාශ කළේය. ඒ බව, ඊයේ සියලු විද්‍යුත් මාධ්‍ය විසින්ද ප්‍රචාරය කළ අතර, අද දින පළවු සියලු පුවත්පත්වල පළ කරන ලදී. එහෙත් අද දින සුදර්ශනී පුනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම අදහසට වෙනත් අර්ථකථනයක් ලබාදී ඇත. ඊයේ අගමැතිවරයා පවසා සිටියේ කොරෝනා ආසාදනයෙන් මිය යනවුන් ගැන නොව, සාමාන්‍ය මරණ සම්බන්ධයෙන් බව රාජ්‍ය ඇමතිනිය එහිදී පවසා ඇත.
කොරෝනා ආසාදිතයන් මිය ගියවිට අනිවාර්ය ලෙස ආදාහනය කළයුතු බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයකින් නියෝගක කළේ පසුගිය 2020 වසරේ වසංගතය ආරම්භක අවස්ථාවේ අතැ වූ තත්වයන් හමුවේය. ලංකාවේ නිරෝධායන නීති අනුව සෞඛ්‍ය අධ්යක්ෂවරයාට වසංගතය සම්බන්ධ නියෝග නිකුත් කිරීමට බලයක් හිමි වේ. නමුත් පසුව ලෝකයේ විවිධ රටවල පිළිවෙත් හා සංස්කෘතික අයිතින් සම්බන්ධයෙන් මෙන්ම විශේෂඥ අදහස් අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොරෝනා ආසාසදිත පුද්ගලයන් මියගිය අවස්ථාවලදී ආගමික විශ්වාසය අනුව භූමදානය කිරීමට ඉල්ලා සිටියහෝ ඊට ඉඩදීමේ හැකියාවක් ඇති බවය.
මෙරට අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් විරෝධය ව්‍යාප්ත කරමින් පසුගිය කාලයේ දේශනා කළේ, ‘එක රටක් නම් එක නීතියක්’ තිබිය යුතු බවය. ඒ ප්‍රකාශයේ අරමුණ වූයේ ඉස්ලාමය ඇතුළු ආගමික හා සංස්කෘතික අයිතිවාසිකම් යටපත් කිරීමය. ආණ්ඩුව ඒ අන්තවාදයේ බලපෑමට යට වෙමින් තවමත් මුස්ලිම් ජනයාගේ සංස්කෘතික හිමිකම් සමතලා කරමින් සිටී.