Posted on 03.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඉන්දිය අදානි සමාගම කොළඹ වරාය බටහිර පර්යන්ත පාලනය හිමිකර ගෙන ඇත්තේ ලංකාවේ ආණ්ඩුව සමග ඍජු ගනුදෙනුවක් හරහා බවත් ඉන්දිය රජය ඊට සම්බන්ධ නැති බවද අනාවරණය වේ.
ඉන්දිය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අනුරාද් ශ්‍රි වාස්තව විසින් කළ ප්‍රකාශයකින් මේ බව අනාවරණය වේ.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කොළඹ පිහිටි ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය විසින් අදානි සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා තහවුරු කළ බවට ලංකාවේ ආණ්ඩුව කර ඇති ප්‍රකාශය නිවැරදි නොවන බවයි. ඔහු පවසා ඇත්තේ මෙම වරාය ගනුදෙනුවේදී ලංකාවේ ආණ්ඩුව අදානි ව්‍යාපාරය සමග ඍජු ලෙස කටයුතු කර ඇති බව සිය වැටහීම බවයි.
කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දිය-ජපන් හවුල් වයාපාර සමාගමක් විසින් 85%ක කොටස් හිමිකාරත්වයෙන් පවත්වාගෙන යාමට සහ වරාය අධිකාරියට කොටස් 15%ක් පමණක් තබා ගැනීමටත් ආණ්ඩුව තීරණය කළ බව පසුගිය සතියේ අනාවරණය විය. තවද අදානි සමාගම මෙම ආයෝජනයට සම්බන්ධ වුවද ජපන් සමාගමක් හෝ වෙනත් කිසිදු ආයෝජකයෙක් මීට සම්බන්ධ නොවන බැවින් මෙය අදානි සමාගමට පැවරීම වසං කිරීමට ජපන් හා ඉන්දිය හවුල්කාරිත්වයක් ගැන ප්‍රකාශ කළ බවටද අනුමාන කෙරේ.
මෙම ආයෝජන ව්‍යාපෘතිය වසර 35ක් සඳහා ඉදිකිරීම, පවත්වාගෙන යාම හා පවරා දීම ක්‍රමයට සිදුවන බවද ප්‍රකාශ වූ අතර නව වරාය ජැටිය වසර 35ක් භාවිත කිරීමේදී ලංකාවේ වරාය අධිකාරියට හෝ මෙරට ආර්ථිකයට අහිමිවන වාසිය කිසිසේත් පිළිගත හැකි තත්වයක් නොවන බවට පාර්ශ්ව ගණනාවකින් විරෝධය පළ විය.