Posted on 10.14.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
හිටපු මලයාසියානු උප අගමතිවරයා වන අන්වර් ඊබ්‍රහීම් එරට පැවැති අතුරු මැතිවරණයකින් නැවත පර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාරතා කරයි.
වසර ගණනාවක නිහැඩියාවකින් පසුව එරට හිටපු අගමැති මහාතීර් මොහොමඩ් පසුගියදා නැවත බලයට පැමිණීමෙන් පසුව බන්ධනාගාරතව සිටි අන්වර් ඊබ්‍රහීම් නිදහස් කිරීමට පොදු සමාවක් පිරිනැමීය.
එසේ නිදහස් ලැබීමෙන් පසුව පසුගිය දින එරට පැවැති අතුරු මැතිවරණයකින් නැවතත් අන්වර් ඊබ්‍රහීම් ඉහළින්ම ජයගෙන තිබෙන බව වාර්තාවේ.
අන්වර් ඊබ්‍රහීම් බලයේ සිටින විට සිදුකළ මූළ්‍ය වංචා හා අපචාර ක්‍රියා හේතුවෙන් චෝදනා එල්ලකොට බන්ධනාගාර ගතකොට තිබුනි.
එම චෝදනා සම්බන්ධයෙන් ඔහු පවසා තිබුනේ සිය විරුද්ධවාදීන් විසින් දේශපාලන පළිගැනීම් හේතුවෙන් තමාට මෙසේ චෝදනා නගා එල්ලකර බන්ධනාගාර ගත කළ බවයි.