Posted on 04.06.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
1971 අප්‍රේල් අරගලයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ‘අභියෝග කළ පරපුරක්’ යන තේමාවෙන් ඊයේ(5) තිස්සමහාරාම නගරයේදී අප්‍රේල් විරු සමරුව පවත්වනු ලැබිණි.
තිස්සමහරාම නගරය වෙත අප්‍රේල් විරුවන්ට ආචාරය පළ කිරීමේ පෙළපාළියකින් පැමිණි පෙ.ස.ප. සාමාජික සාමාජිකාවන් තිස්ස නගරයේ සමරු උත්සවයට සහභාගි වූූහ. ආරම්භක දේශනය පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදු කළ අතර 50 වැනි අප්‍රේල්ල විරු සමරු දේශනය පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත විසින් සිදු කරන ලදී.








