අල්ලස් කොමිසම ගැන හෙට කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on 04.20.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
හිටපු ජනාධිපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසම වෙත කැඳවීම සම්බන්ධයෙන් හෙට (21) දින කථානායක චමල් රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
එසේම හෙට දින කාථානායක චමල් රාජපක්ෂ විසින් කිරීමට නියමිත විශේෂ ප්‍රකාශය නිකුත් කරන තුරු පාර්ලිමේන්තුව තුළ විරෝධය දක්වමින් රැඳී සිටින බව කාථානායකවරයා සහ විරෝධතාවයේ නියැලෙන මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවකදී එම පිරිස පැවසූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටියේය.
මේ අතර අද (20) පස්වරුවේ අල්ලස් කොමිසමේ සභාපතිවරයා සහ කථානායක චමල් රාජපක්ෂ අතර සකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ අනුව කථානායක චමල් රාජපක්ෂගේ කැඳවීමකට අනුව අල්ලස් කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුව වෙත ගොස් අදාළ සාකච්ඡාව සිදුකර ඇති බව වාර්තා වේ.
Related News