Posted on 08.30.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
මේ වනවිට ආජන්ටිනා ආර්ථිකය දැවැන්ත අර්බූදයක් දක්වා ගමන් කරමින් සිටින බව වාර්තාවේ. මෙවන් තත්වයක් හමුවේ ආජන්ටිනාව නැවත ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 50ක හදිසි ණයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.
මීට වසර 17කට පෙරද ආජන්ටිනාව දැවැන්ත ආර්ථික අර්බූදයකට ලක්විනි. එවරද ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමෙන් පසුව එරට ජනජීවිතය දැඩි අර්බූදයකට ලක්විය. 2001 වසරේදීද එරට ක්‍රියාත්මක මහජන සුභසාදන කප්පාදු කිරීමේ සැලසුම් හේතුවෙන් රට තුල දැවැන්ත අර්බූදයක් නිර්මාණය විය.
විශේෂයෙන් වැඩකරන ජනයා එම සැලසුම්වලට එරෙහිව වැඩවර්ජන හා හර්තාල් කිරීමෙන් පසුව එම සැලසුම් යම් පමණකට අසාර්ථකවීමට බලපෑවේය.
වාර්තා වන අන්දමට මේ වනවිට විශේෂයෙන් එරටට ආයෝජකයින් පැමිීණම පවා බෙහෙවින් අඩුවිය.
පසුගිය ජනාධිපතිවරණයේදී එරට වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණියේ සිය පාලනය තුල ආර්ථිකය නගා සිටුවීමේ පොරොන්දුවද ලබා දෙමිනි.
පසුගිය මැයි මාසයේදී ආජන්ටිනා පේසෝව ඩොලරයට සාපේක්ෂව එරට ඉතිහාසයේ අඩුව අගය වාර්තා කර තිබුනි. මේ හේතුවෙන් සිය රටට පැමිණෙන විදෙස් ආයෝජකයින් සිය ආයෝජන වෙනත් රටවල් කරා ගෙන යන තත්වයක් පවා දැන් උදාවී තිබෙන බව වාර්තාවේ.
මෙම ආර්ථික අර්බූදයෙන් ගැලවීම සදහා නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටි පැතීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කරන්නේ මෙවැනි තත්වයක් හමුවේය.
නමුත් එරට විපක්ෂකණඩායම් පවසන්නේ මෙසේ ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේශිවලට එකගවෙමින් ලබා ගන්නා ණය මුදල් සදහා ලබා දෙන කොන්දේශි ඉටු කිරීමට යෑමෙන් මේ තත්වය ආර්ථික වශයෙන් තවත් හානිකර බවයි.
විශේෂයෙන් මහජන සුභසාධන කප්පාදුව, රජයේ රැකියා අවස්ථා අහිමි කිරීම්, හා විශ්‍රාම වැටුප් අවසන් කිරීම වැනි යෝජනාද, රට තුල අඩු ආධායම්ලාභී ජනයා අතර වැඩි වශයෙන් මන්දපෝෂණය, උද්ධමණය ඉහළයෑම වැඩිවන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය සදහා ඉදිරිපත්කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණයන් ගණනාවක් යෝජනා කරන බැවින් එය සාමාන්‍ය ජනයාට මහත් පීඩාකාරී් තත්වක් ඇති කරන බවයි.
එබැවින් ආර්ථිකය යම් ස්ථාවරත්වය ඇති කිරීමේ අරමුණෙන් මෙම ණය මුදල් ඉල්ලා ඇති බව එරට ජනාධිපති මවුරිසියෝ මැක්රි පැවසුවත් එය අර්බූදය තවත් උග්‍රවනු ඇති බව විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි.