Posted on 09.05.2018 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
වසර ගණනාවක් තිස්සේ රජරට සිට වෙනත් කෘෂි දිස්ත්‍රික්ක හරහා යන වකුගඩු රෝගයේ ව්‍යාප්තිය පිළිබද පාලක ඇස නොඇරේ. මේ තත්වය තුළ ජනතාව දැනුවත් කරමින් සංවිධානය කිරීමට වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය බිහිවී තිබේ. ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ගත් තීරණය වහා ඉවත් කරනු! ජන ජීවිත, සොබාදහම වනසන සියලු කෘෂි රසායන තහනම් කර, පරිසර හිතකාමී කෘෂි ප්‍රතිපත්තියක් සකසනු! යන තේමා සටන් පාඨ ඔස්සේ එම ව්‍යාපාරය ජනතතාව දැනුවත් කරමින් සිටී. මේ සමග පළ වන්නේ දැනට එම සංවිධානය විසින් ගෙන යන කටයුතු හා වකුගඩු රෝගය පිළබද ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික සංජීව බණ්ඩාර දැක්වූ ප්‍රතිචාරයයි.