Posted on 09.25.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මාතරදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති තහවුරු වූ රුසියානු ජාතිකයා ඇතුලු පිරිස මෙරට පැමිණීමෙන් පසු නවාතැන් ගත් ස්ථානය පිළිබඳ කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (NOCPC) නිලධාරීන් දැනුවත් වී නොසිටි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.
සාමාන්යයෙන්පැ මෙරටට විදේශයක සිට පැමිණෙන පුද්ගලයන් වෙන් කරන ලද හෝටලයක රඳවා තබන නමුත් මෙම රුසියානු ජාතිකයන් පිළිබඳ ඔවුන්ට දැනුම් දී නොතිබූ බව ඔහු පවසා ඇත.
මෙම රුසියානු ජාතිකයා මෙරටට පැමිණීමෙන් පසු පෞද්ගලික රෝහලකදී කරන ලද පීසීආර් පරීක්ෂණයකදී ආසාදිතයෙකු බව තහවුරුව තිබූ බව වාර්තා විය.
අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු සමඟ රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සැප්තැම්බර් 13 වන දින ඉන්දියාවේ බැංගලෝර් හරහා මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ආසාදිත පුද්ගලයා රුසියානුවන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ මාතර පොල්හේනේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට තිබුණි.
මේ අනුව එම හෝටලයේ සේවකයින් 23 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 24 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වේ.