Posted on 11.04.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ජෝ බයිඩ්න් ඡන්ද මංකොල්ල කෑමට උත්සාහ කරමින් සිටින බව චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. කෙසේවෙතත් මෙම පණිවිඩය සම්බන්ධයෙන් ට්වීටර් සමාගම “මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ වෙනත් ප්‍රජා ක්‍රියාදාමයක් පිළිබඳ නොමග යවන සුළු” යනුවෙන් අවවාදයක් එකතු කිරීමට කටයුතු කර තිබේ.
“අපි විශාලයි, නමුත් ඔවුන් උත්සාහ කරන්නේ මැතිවරණය සොරකම් කරන්නයි,” ට්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය.
“අපි ඔවුන්ට කිසි විටෙකත් එය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඡන්දය අවසන් වීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කරන්න බැහැ.”
ඊට අමතරව ධවල මන්දිරයේදී තමන්ගේ ආධාරකරුවන් පිරිසක් අමතමින් ඔහු පවසා ඇත්තේ “මේක අපේ රටට ලැජ්ජාවක්,” බවත් මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි.
ට්‍රම්ප් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර දිගින් දිගටම ඡන්දය “සොරකම් කිරීම” පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. නමුත් ඒවා බොහෝ සාක්ෂි මගින් සනාථ නොකරන ලද චෝදනා විය.
ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් තවමත් ඉදිරියෙන් සිටින අතර ට්‍රම්ප් ඔහුට තියුණු තරඟයක් දෙමින් සිටිනු දක්නට ලැබේ. අද සවස 2 පමණ වනවිට බයිඩ්න් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 238ක් දිනාගෙන තිබූ අතර ට්‍රම්ප් දිනාගෙන තිබුණේ 213ක් පමණි. නමුත් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අතිවිශාල ජයක් ලබාගෙන තිබේ.
නමුත් නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් තවමත් ගණන් කිරීමට තිබේ.