தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඉන්දීය කාන්තා පිල ලකුණු 219කට දැවීයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දීය කාන්තා පිල ලකුණු 219කට දැවීයයි



ඉන්දීය හා ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගීවන දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භවිය.

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පැමිණි අතර දිවා ආහාරයට පෙර ඔවුන් සියලු දෙනා දවා ගැනීමට ලංකා කාන්තා පිල සමත්විය. ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 219ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

මීට පෙර ගාල්ලේ පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායමට කඩුළු 09 පහසු ජයක් ලැබුනි.

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හමුවේ පස්වන ස්ථානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම රැදී සිටී. නසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය හා පකිස්ථානය ඉන්දීය කණ්ඩායමට ඉදිරියෙන් සිටී.




Related News