தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ඊජිප්තුවේ 75 දෙනෙකුට මරණ දඩුවම් නියම කරති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊජිප්තුවේ 75 දෙනෙකුට මරණ දඩුවම් නියම කරති



ඊයේ ඊජිප්තු අධිකරණයක් විසින් 75 දෙනෙකුට මරණදඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2013 වසරේදී එවකට මැතිවරණයෙන් බලයට පත්ව සිටි මොහොමඩ් මෝසි ජනාධිපතිවරයාව එරට හමුදාව මැදිහත්ව බලයෙන් ඉවත් කිරීමෙන් පසුව ඇතිවූ උද්ඝෝෂණවලට නායකත්වය ලබා දුන් මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් බාඩි ඇතුල් පිරිසට ඊයේ මරණ දඩුවම් නියම කර ඇති බව වාර්තාවේ.

2013 වසරේ එවකට ඊජිප්තු ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයෙන් බලයට පත්ව සිටි ජනාධිපති මොහොමඩ් මෝසි බලයෙන් ඉවත්කරනු ලැබීය.

2013 වසරේ ජනාධිපති මෝසි ඉවත් කිරීමෙන් පසු ඊජිප්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයට සම්බන්ධ බවට චෝදනා කොට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන පසුව අවස්ථා කිහිපයකදී මෙසේ නඩු පවරා සිර දඩුවම් ගණනාවක් නියම කළහ.

හමුදාවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව එරට ඇතිවූ උද්ඝෝෂණවලට නායකත්වය දුන් මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ නායකයන් ඇතුළූ හැත්තෑපස් දෙනෙකුට ඊයේ එරට අධීකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබේ.

මෙසේ සමූහ මරණ දඩුවම් දීමට අදාල නඩුව සදහා 739කට අධි පිරිසකට එරෙහිව චෝදනා එල්ලකර තිබූනි.

වත්මන් ජනාධිපති ලෙස කටයුතු කරන එවකට හමුදාපති ලෙස කටයුතු කළ ජෙනරාල් අබ්දුන් පාතා අල් සිලිලි විසින් එවකට ජනාධිපතිධුරය දැරූ මොහෝමඩ් මෝසි ජනාධීපතිවරයට එරෙහිව හමුදාව යොදවමින් පාලන බලය ලබා ගැනීමට කටයුතු කළේය.

මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් විවේචන එල්ලවෙමින් තිබේ.




Related News