தமிழ்
English
Contact
Saturday 4th May 2019    
උතුරු කොරියාවට යාම එ.ජනපද වැසියන්ට තහනම් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු කොරියාවට යාම එ.ජනපද වැසියන්ට තහනම් කරයි



එ.ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ දින නිකුත් කළ නිවේදනයකින් පවසන්නේ මෙම මස අගොස්තු 31 දින සිට 2019 දක්වා වසරක කාලයක් මෙම තහනම බලපවත්වන බවයි.

මෙම නිවේදනයට අනුව අද දින සිට උතුරු කොරියාවේ සංචාරය කිරීම එරට වැසියන්ට තහනම් කර ඇති බවයි. උතුරු කොරියාව වෙත නොයන ලෙස පනවන ලද මෙම තහනම වසරක් දක්වා බල පැවැත්වෙන බව සදහන්ය.

දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දින එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මෙම අගෝස්තු මස 30 දින පියොංයෑන් බලායෑමට කලින් කළ සැලසුම වහාම අත්හිටුවීමටද කටයුතු කළේය.

එම ගමන යෙදී තිබුනේ ඊයේ දිනයේය. මේ වන විට දෙපාර්ශ්වය අතර පැවැති සම්බන්ධතා යම් ප්‍රමාණයකට නැවත පළුදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරටේ නායකයින් දෙදෙනා පසුගිය ජුනි මස සිංගප්පූරුවේදී හමුවීමෙන් පසුව යම් ප්‍රමාණයකට දෙරට අතර සමබන්ධතා වර්ධනයක් දක්නට ලැබුනත් මේ වන විට උතුරු කොරියානු පාර්ශ්වයට චෝදනා කරමින් එගජනපදය උතුරු කොරියානු න්‍යෂ්ඨික කටයුතු නවතා දැමීමේ ක්‍රියාවලය පිළිබදව සිය අප්‍රසාදය පළකර තිබේ.

නමුත් උතුරු කොරියාව පවසන්නේ එගජනපදය සිය රටට බලපෑම් කරමින් ඒකපාර්ශ්වීය න්‍යෂ්ඨික ක්‍රියාවලිය නතර කිරීමට කටයුතු කරන බවට කරන ලබන ඉල්ලීමට තමරට එකග නොවන බවයි.




Related News