Posted on 02.04.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර අද(04) නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ බව පවසමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණි.
උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පැවැත්වූහ.

යාපනය විශ්ව විද්‍යාලය

මුලතිවු

මඩකලපුව

කිලිනොච්චිය

කේපාපුලවු