Posted on 01.16.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඌව පළාත් ආණ්ඩුකාරවරයා පත්වූ රංජිත් කීර්ති තෙන්නකෝන්ට එම තනතුරින් ඉවත්වී නැවත දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමට සිදුවූවේ පළාත් මහ ඇමතිවරයා වන චාමර සම්පත් දසනායකගෙන් ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබීම නිසා බව වාර්තා වේ.
රංජිත් කීර්ති තෙන්නකෝන් ඌව පළාත් සභාවෙන් ඉවත් නොකරන්නේ නම් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යයි මහ ඇමතිවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ.
ඒ හේතුවෙන් ඔහු දකුණු පළාත් සභාවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර දකුණු පලාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා ඌව පලාත් සභාවට පත් කිරීමට කටයුතු කර ඇත.
මෙම දැඩි විරෝධයට හේතුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය කාලයේ දී ආන්දෝලනයකට ලක්වූ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධිය මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකෝන් විරෝධය දක්වමින් පෙනී සිටිමින් එහි ප්‍රධාන චූදිතයෙක් බව ඌව මහ ඇමතිවරයා පත්ව සිටීමත්ය.