தமிழ்
English
Contact
Saturday 4th May 2019    
එක්නැළිගොඩ පරීක්ෂණ වාර්තා හමුදාව යට ගහනවා - සන්ධ්‍යා එක්නැළිගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්නැළිගොඩ පරීක්ෂණ වාර්තා හමුදාව යට ගහනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ



ප්‍රගීත් එක්නැළිගොඩ ඇතුරුදන් කරවීම පිළිබඳව යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ සිටින බවත් ඔහු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කර තිබේ.

සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බලන ලෙස තමන් විසින් රජයට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් විමර්ශන සිදුව ඇතැයි අද (10) මල්වතු මහා විහාරයට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් හමුවීමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කර ඇත.

ඇය මෙලෙස මල්වතු හිමියන් හමුව ඇත්තේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ආගමික සත්‍යග්‍රහය පිළිබඳ දැනුම් දීමටයි.

එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා යුද හමුදාවේ බලය සහිත පිරිස් විසින් යට ගසන තත්ත්වයක් පැවතීම හේතුවෙන් සහ ජනාධිපතිවරයා යුද හමුදාව ආරක්ෂා කරන තත්ත්වයක් යටතේ එවැනි වාර්තාවක් නිකුත්වීම සැක සහිත බව සඳහන් කර ඇත.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් “මට සිදුව ඇති අවණඩුව පිළිබඳව දැනුම්දීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් ඊට අවස්ථාවක් හිමිවුණේ නැහැ. මම ඉල්ලීම් රැසක් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් තොරතුරු විමසීම් කළා. නමුත් එය කාර්යාලයක් පමණයි. විසදුමක් ලබා දෙන්නේ නැහැ.” පවසා ඇත.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඉදිරියේදී පත්වන නව රජයක විමර්ශන සිදුකොට වරදකරුවන්ට දඬුවම් ලබාදෙන බවට වන සටන් පාඨය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. නමුත් එය තවත් ඉටු නොකරන ලද මැතිවරණ පොරොන්දු විශාල ප්‍රමාණයෙන් එකක් බවට පත්ව තිබේ.