Posted on 11.28.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.
මෙම තීරණය අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලිබල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදී ක්ෂේත්‍ර වැඩ වර්ජනය සඳහා සම්බන්ධ කර ගැනීමට අපේකෂිතය.
‘ආණ්ඩුවක් නැහැ’, ‘රට අරාජිකයි’ යන සටන් පාඨය යටතේ වැඩකරන දිනක වරුවක කාලයක් වැඩවර්ජනයේ යෙදීමට එක්සත් ජාතික පෙරමුණේ අදහස වී තිබේ.
අගමැති වැය ශිර්ෂය අත්හිටුවීමේ තින්දුවෙන් පසු මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පෙරමුණ සඳහන් කර ඇත.