தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
එජාපයට නැතිව පොහොට්ටුවට සහය දුන්නොත් ශ්‍රීලනිපයට ජනතා විශ්වාසය වැඩි වේවි - ඩලස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එජාපයට නැතිව පොහොට්ටුවට සහය දුන්නොත් ශ්‍රීලනිපයට ජනතා විශ්වාසය වැඩි වේවි – ඩලස්



එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමෙන් ජනතා විශ්වාසය දින ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා බණ්ඩාරනායක පවුල බෙදුවා සේ රාජපක්ෂ පවුල බෙදීමට අගමැති රනිල්ට නොහැකි යැයිද ඔහු පවසා තිබේ.

ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පවසා ඇත්තේ හැංඟි හැංඟි වෙස් බැඳි ජාතික ආණ්ඩු කෝලම සහ විධායක ජනාධිපති කෝලම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට එක්වීම පිළිබඳ කතාබහ තුළින් කරළියට පැමිණි බවයි.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (25දා)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.