Posted on 10.24.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2017 වසරේ හොදුම පාපාන්දු ක්‍රීඩකයා ලෙස අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් නම් කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන ලබයි. සිය රටේ ජාතික කණඩායමට අමතරව ස්පාඤ්ඤයේ ජනප්‍රිය රියල් මැඩ්රීඩ් කණ්ඩායමට ද සම්බන්ධව පාපන්දු ක්‍රීඩාවේ නිරතවේ.
මෙවර ලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් අතරින් හොදම ක්‍රීඩකයින් තිදෙනෙකුගේ නම් ඉදිරියෙන්ම තේරී පත්ව තිබුනි. ඔවුන් වනුයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ආජෙන්ටිනාවේ ලයනල් මෙසී හා බ්‍රසීල ක්‍රීඩක නේමර්ය.
2017 වසරෙ හොදම පාපාන්දු ක්‍රීඩකයා ලෙස අභිශේක ලැබීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්විය. කෙසේ වෙතත් ඊයේ ලන්ඩන්වල පැවැති අවසන් ජයග්‍රාහකය තේරීමේ අවස්ථවේදී ලොව පුරා පාපාන්දු ලෝලීනේගේ ජනාදරයට පත්ව සිටි ලයනල් මෙසී හා නෙයිමාර් පරාජයට පත් කරමිනි.