Posted on 10.21.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ කැබිනට් ඇමති මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් බවට සැක දෙදෙනකු සිටින බවද නිසි සොයාබැලීමකින් ඔවුන් අනාවරණය කරගත හැකි බවද ඇමති මහින්ද අමරවීර ඊයේ(20) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර තිබේ.
ඇමති මණ්ඩල සාකච්ඡාවේදී ප්‍රකාශිත කරුණු මාධ්‍යවේදීන් සමග පැවසීම යම් ගනුදෙනු ස්වරූපයකින් සිදුවන්නේ නම් එය වරදක් බවද එසේම සාකච්ඡා නොකළ කරුණු එසේ මාධ්‍ය වෙත පැවසීම විශාල වරදක් බවද අමරවීර ඇමතිවරයා පැවසීය. එහිදී ඔහු අවධාරනය කළේ එවැනි ඇමතිවරුන්ගේ තටු කැපීමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලයක් තිබෙන බවයි.