தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
කැලිෆෝනියාවේ ලැව් ගිනි පැතිරේ 10 දෙනෙකු මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කැලිෆෝනියාවේ ලැව් ගිනි පැතිරේ 10 දෙනෙකු මියයති



එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක හටගත් ලැව් ගිනිමාලාව හේතුවෙන් මේ වන විට පුද්ගලයෝ 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි ලෙස ලැව්ගිනි පැතිරීම හේතුවෙන් දැනට නිවාස 1500කට වැඩිය විනාශවී ඇති බව වාර්තාවේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් වතු ආශ්‍රීතව මෙම ලැව් ගිනි පැතිර තිබේ. එම ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව බලධාරීන් පවසයි. පුද්ගලයෝ 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් කිහිපදෙනෙකු අතුරුදහන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් සොනොමා, නාපා හා යුබා යන ප්‍රදේශවලට මෙම ගින්නෙන් දැඩි බලපෑම් සිදුව තිබේ. මේ වන විට නාපා ප්‍රදේශයේ පමණක් විසි දහසකට වැඩි පිරිසක් සිය නිවාස අතහැරගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දේ. ඉරිදා රාත්‍රී ආරම්භවී ඇති මෙම ගින්නෙන් මේ වනවිට අක්කර දහස් ගණනක වගා විනාශවී ඇති බවද වාර්තාවේ.

කැළිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් මෙම ආපදා තත්වය හේතුවෙන් හදිසි තත්වයද ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News