Posted on 08.13.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
කැස්පියන් මුහුදු ආශ්‍රිත රටවල් සහයෝගිතා ගිවිසුමකට අත්සන් කිරීමට රුසියාව ප්‍රමුඛ රටවල් ඊයේ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කැසිපියන් මුහුදු කලාපීය එකගතා ගිවිසුමට පැමිණීමට හැකිවීම වසර 20 සිට කරන ලද දැඩි පරිශ්‍රමයක ප්‍රථිපලයක් බව රුසියානු ජනාධිපති පුටින් පවසයි.
පසුගියදා කැස්පියන් මුහුද කලාපීය රටවල් වන රුසියාව,කසකස්ථානය, ඉරානය. අසර්බයිජානය හා තුර්ක්මෙක්ස්ථානය යන රටවල් විසින් ආරක්ෂක වෙළද හා නාවික හා සාගර සම්පත් යන කේෂ්ත්‍රවල විශේෂ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් එකගතා ගිවිසුමකට පැමිණීමට හැකිවීම පිළිබදව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබුනේ මෙය විසි සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක විශේෂ ජයග්‍රණයක් බවයි.
සෝවියට් සංගමය සමයේ කැසිපියන් මුහුදු කලාපයේ හිමිකමි පැවතියේ ඉරානය හා සෝවියට් සංගමයට පමණි. නමුත් සෝවයට් දේශය බිදු වැටීමෙන් පසුව රටවල් හතරක් ලෙස එම සංගමයට අයත් රටවල් විසිරිනි. මේ හේතුවෙන් වසර කිහිපයක සිට මෙම මුහුදු කළාපයේ ඇති අති විශාල බොර තෙල් හා වෙනත් ඛනිජ සම්පත්වල හිමිකම පිළිබදව ගැටලුකාරී තත්වයක් පැවතුනි.
මේ වන විට එම ගැටලුකාරී තත්වයන් නිරාකරණයකරගෙන පොදු ඒකාබද්ධ එකගතා ගිවිසුමකට පැමිණීමට පසුගියදා එම රටව් පහේ රාජ්‍ය නායකයින් සමත්ව තිබේ.