Posted on 12.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අහ්නාෆ් ජසීම් නම් විසිපස් හැවිරිදි කවියෙක් මාස හතකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බව වාර්තා වේ. අහ්නාෆ්ට විරුද්ධව මේ තාක් කිසිදු චෝදනාවක් නඟා නැත.
ඔහු අත්අඩංඟුවට ගෙන රඳවා තිබෙන්නේ ඔහු විසින් දෙමළ බසින් ලියන ලද නවරාසම් නම් කවි පොතක් හේතුවෙනි. නවරාසම් කවි පොතේ පිටපත් ඔහු ඉගැන්වූ වූ පාසල් පරිශ්‍රයේ සහ සිසුන් සන්තකයේ තිබී හමුවූ විට එය ත්‍රස්තවාදයට සම්බන්ධයැයි චෝදනා කර ඔහු අත් අඩංඟුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ පවසා ඇත්තේ අහ්නාෆ් ජසීම් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට අදාලව සහ දැනට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලාට එරෙහි චෝදනාවලට අදාලව අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි.
අහ්නාෆ් අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් එම කවි මගින් ළමයින් “අන්තවාදය” කෙරෙහි ඈදාගත හැකිද යන්න තීරණය කිරීම සඳහා කවි පොත පරිවර්තනය කර රිජ්වේ ළමා රෝහලේ ළමා මනෝ විද්‍යාඥයින් වෙත යැවීමට නියෝග කරන ලදී.
පොතෙහි සිංහල පරිවර්ථනයක් ලබා දෙන ලෙස පසුගිය ජූනි මාසයේදී අධිකරණය නියෝග කළ නමුත් ඔක්තොබර් මාසය වන තුරු එය ලැබී තිබී නැත. කෙසේවෙතත් මෙම නඩුව නැවත කැඳවීම 2021 වසරේ මාර්තු දක්වා කල් දමා තිබේ.