Posted on 02.20.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විදුලි බලාගාරවල හදිසි තත්වයක් ඇති නොවුවහොත් අඛණ්ඩව විදුලිබල සැපයුමක් ලබා දීමට තම අමාත්‍යාංශය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරාවීර පවසයි.
කොළඹදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම නියඟ කාලවලදී පවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වූ සිදුවීම් කිහිපය විදුලි කප්පාදු කිරීමක් නොව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිදු කරන ලද අලුත්වැඩියාවන් නිසා සිදුවූවක් බවද අමාත්‍යවරයා පවසා ඇත.
මෙම වසර තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව විදුලි බලාගාර කිහිපයක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.