Posted on 09.07.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති කොතලාවල පනතට එරෙහි සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වීම නිසා සිරගත කළ 5 දෙනාසැප්තැම්බර් 21 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
මෙම 5 දෙනාගේ චෝදනා විභාගයට ගැනීම සම්බන්ධ නඩුව අද(7) දිනයට නියමිතව පැවතියද නඩුව කල්දැමීමේ තීරණයක් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිවේදනය කරන ලදී. මේ අවස්ථාවේ වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කරමින් කල් දැමූ නඩුව නැවත කැඳවන ලදී.
පසුව එම නීතීඥවරුන් විසින් සිරගත කර ඇති විරෝධතාකරුවන් 5 දෙනාට ඇප ලබාගැනීම සඳහා ප්‍රබල කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළ නමුත් අද දිනයේද ඔවුන්ට ඇප නියම නොකරන ලදී. ඒ අනුව, තවත් දෙසතියක කාලයක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කරන ලදී. මේ වනවිටත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ක්‍රියාකාරීන් 03 දෙනෙකුට බන්ධනාගාරය තුළදී කොවිඩ් ආසාදනය වී ඇත. එහෙයින් ඔවුන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති අතර කෝෂිලා හංසමාලි හා හේෂාන් හර්ෂණ ද කොවිඩ් වැළදීමේ අවදානම නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත්කර ඇත.