Posted on 04.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හැරීම හේතුවෙන් මැයි මාසයේ දී කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ලක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ ජනතාව බොහොමයක් කොවිඩ් වයිරස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර එදිනෙදා ජීවිත ගත කිරීම මෙයට හේතුව බවයි.
මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසා ඇත්තේ පරිසර ප්රශ්නය සහ විෂ පොල් තෙල් ප්රශ්නය නිසා වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටපත් වී ඇති බවයි.
එසේම කොවිඩ් තුන්වෙනි රැල්ලකට සෞඛ්‍ය පහසුකම් සූදානම්ව පැවතිය යුතු බවද මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත.