தமிழ்
English
Contact
Tuesday 22nd February 2022    
කොවිඩ් මරණ සංඛ්‍යාව 16000 ඉක්මවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් මරණ සංඛ්‍යාව 16000 ඉක්මවයි



මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16024 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (21) දිනයේ නිවේදනය කෙරුණු කොවිඩ් මරණ 30ත් සමග ය.

2022 වසර ආරම්භ වනවිට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක් ආසන්නයේ පැවති අතර මේ වනවිට එය 30 මට්ටම දක්වා වැඩිවී ඇත.

කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරන්තයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.