Posted on 03.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භකර තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.
කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර ඇත.
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත.