தமிழ்
English
Contact
Monday 6th May 2019    
කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමුළුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමුළුවක්



මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය එළිදක්වා වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අද (27) කොළඹදී ආරම්භ වී තිබේ.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය පිළිබඳ නැවත හැරී බැලීමක් සහ එහි පසුබිම යන තේමාව යටතේ සමුළුවේ ආරම්භක සැසිය පැවැත්විණි.

ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන්, ශ‍්‍රී ලංකා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන, ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති මනික් ද සිල්වා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත සහ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් යන මහත්වරු ආරම්භක සැසියට එක්වී තිබේ.

ආරම්භක සැසියට අමතරව අද (27) තාක්ෂණික සැසිවාර දෙකක් පැවැත්විණි.

සමුළුවේ දෙවැනි සැසිය මාධ්‍ය නියාමනය යන තේමාව යටතේ ද තෙවැනි සැසිය මහජන සේවාව සහ පෞද්ගලික විකශානය: සම්මත හා ප‍්‍රමිත වැටීම නවත්වන්නේ කෙසේ ද යන තේමාව යටතේ ද , අද (27) දිනයේ අවසන් සැසිය ආරක්ෂාව පළමුව යන තේමාව යටතේ ද පැවැත්විණි.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව සැප්තැම්බර් 30 දක්වා පැවැත්වීමට නියමිතය.

සමුළුවේ අවසන් දිනය ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී ඉරිදා (30) පැවැත්වීමට නියමිතය. එහිදි මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය 2018 සංශෝධනය අත්සන් තැබීම සහ එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංමය, ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයය, ලෝක පුවත්පත් සහ පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය, සීපීයූ මාධ්‍ය භාරය, ජාත්‍යන්තර පුවත්පත් ආයතනය හා ජනමාධ්‍යවේදීන් සුරැකීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය මෙම ජාත්‍යන්තර සමුලූව සංවිධානය කර තිබුණු අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සහ ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය ඊට දායකත්වය සපයා තිබිණි.




Related News