Posted on 08.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දිනක ලංකාවේ ඉන්ධන තොග අවසන් වෙමින් යන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කළ අදහස් දැක්වීම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත. ඔහු අගෝස්තු 19 වැනිදා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් මෙරට ඉන්ධන සංචිත දින 11ක් පමණ යන විට අවසන් වන්නට නියමිත බව පවසන ලදී. මේ හේතුවෙන් පසු දිනයේ ඉන්ධන පිරවුම්හල්වල විශාල පෝලිම් දක්නට ලැබිණි.
ඉන්ධන තොග මාසයකට පමණ සෑහෙන තරම් සංස්ථාව සතුව ඇති බවද ජනතාව කැඝඹීමට පත් කරවන මෙම ප්‍රකාශය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසා තිබිණි.