Posted on 12.20.2017 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
පසුගියදා පැවැති චිලී ජනාධිපතිවරණයෙන් එරට කොන්සර්ටිව්වාදී බිලියනපතියකු වන සෙබස්තියන් පිනේරා ජය ගෙන ඇති බව වාර්තාවේ.
වසර හතරකට පසුව නැවැතත් ජනාධිපතිවීමේ හැකියාව ලද සිය ප්රතිවාදියාට තමන් සුබ පැතුම් පිරි නමන බව ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වමාංශික අපේක්ෂක ඇලෙජන්දාරෝ ගුයිලියර් ප්රකාශකර තිබුනි.
චිලී ජනිධිපතිවරණය මුල්වටය අපේක්ෂකයින් අටදෙනෙකුගෙන් යුක්තවිය. ඉන් පසුව දෙවන වටය පැවැතියේ ප්රධාන අපේක්ෂකයින් දෙදෙනා වන වමාංශික අපේක්ෂක ඇලෙජන්දාරෝ ගුයිලියර් හා දක්ෂිණාංශික අපේක්ෂක සෙබස්තියන් පිනේරාය.
54% කට වැඩි ඡන්ද ප්රත්ශතයක් ලබා සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට සෙබෙස්තියන් පිනේරා සාමත්ව තිබේ.
වත්මන් වාමාංශික රජයේ ජනිධපතිවරිය ලෙස කටයුතු කරන මිචෙල් බචර්ලෙට්ගේ සාහාය ලද ඇලෙජන්දාරෝ ගුයිලියර්ගේ පරාජයෙන් පසු චිලිය නැවතත් පැහැදිලි ලෙසම දක්ශාණාංශික අපේක්ෂකයා කෙරෙහි නැඹුරුව ඇති බව පෙනීයයි.
පසුගිය දශකය හා ආසන් කාලය තුල ආජන්ටිනාව,බොලිවියාව,බ්රසීලය,චීලී,ඉක්වදෝරය, හොන්ඩුරාස්, නිකරගුවාව හා උරුගුවේ හි වෙනිසියලාව, නිකරගුවාව යන රටවල් රාශිකයක මාවාංශික නැඹුරැවක් සහිත පක්ෂ හා කණ්ඩායම්වලට මැතිවරණවල ජය හිමිව තිබුනි.
නමුත් මේ වන විට එම තත්වයන් යම් වෙනසකට ලක් වෙමින් තිබෙන බව මෑත කාලීන ලතින් ඇමෙරිකානු කලාපයේ මැතිවරණයන් පැවැති ආජන්ටිනාව, බ්රසීය හා පැරගුවේ යන රටවලින් ලද අත්දැකීම් අනුව පෙනීයයි.
දක්ෂණාංශි අපේක්ෂකයින්ගේ මෙම ජයග්රහණ පිටපසු ඇත්තේද එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩායම් වලින් ලද මුදල් හා වෙනත් වරදාන ලබමිනි.
බොහෝ රටවල් වල දක්ශිණාංශික දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බොහෝ විට සිය මැතිවරණ ව්යපාරයන්හිදී දැවන්ත මුදල් කන්දරාවක් පොම්ප කරමින් බොරු අවලාද නගමින් ජනමතය හැසිරවීමේ දැවැන්ත ක්රියාවලියකින් පසුව ලබා ගන්නා ලද ජයග්රහණයන්ය.