Posted on 07.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සන් ෂෙන්ජ්කායිට එරෙහි විනය පරීක්ෂණ අරම්භ කර ඇතැයි චීන බලධාරීන් හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
චොන්ගුයින් මහ නගර බල ප්‍රදේශයේ චීන කොමියනිස්ට් පක්ෂ නායකයා ලෙස කටයුතු කළ සන් එරට 25 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ ලාබාලතම සාමාජිකයාද වේ.
චීනයේ ඉතා බලගතු දේශපාලන මණ්ඩලයේ අට දෙනෙකුගෙන් යුතු ස්ථාවර කාරක සභාව සදහා ඉදිරියේදී තරග වැදීමට නිමිතව සිටි ප්‍රබල සාමාජිකයකු ලෙස සන් සැලකේ. එපමණක් නොව ඔහු ඉදිරි පක්ෂ නායක්තවයට පවා තේරී පත්වීමට හැකියාව තිබුනු කෙනෙකු ලෙසද සැලකේ.
ෂී ජින් පින් ජනාධිපතිවරයා විසින් පක්ෂය තුල මතුව ඇති විනය විරෝධී ක්‍රියා අල්ලස්හා වංචා, දූෂණ දුරුකිරීමේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරන පක්ෂය පිරිසිදු කිරීමේ අරමුණ වන්නේ එක් පැත්තකින් සිය විරැද්ධවාදීන්ව ඉවත් කිරීමේ දේශපාලන මෙහෙයුමක් බව දේශපාලන විචාරකයෝ මත පළකරති.
වත්මන් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අයෙකුට විරුද්ධව පැවැතිවෙන පළමු විමර්ශනය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙරද 2013දී චොන්ගුයින් මහ නගර බල ප්‍රදේශයේ චීන කොමියනිස්ට් පක්ෂ නායකයා ලෙස කටයුතු කළ බෝ ෂිලායිද සිය බලය අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ලකොට දඩුවම් කර බන්ධනාගාර ගත කර සිටී. ඔහුද පක්ෂය තුල වත්මන් ජනාධිපති ෂී ජින් පින්ගේ දේශපාලන විරැද්ධවාදියකු ලෙස කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.