Posted on 04.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) සිනෝෆාම් එන්නත ලංකාවේ භාවිතයට නොගැනීමට තීරණය කිරීමත් සමගම මේ වනවිට එම ඒන්නත ලක්ෂ 6ක් ගෙන්වා තිබීමත් මෙරට සේවය කරන චීන ජාතිකයන්ට ඒවා ලබාදීමත් නිසා බරපතළ ගැටලුවක් නිර්මාණය වී ඇත.
අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ බෝවන රෝග සම්බන්ධ උපදේශක කමිටුව හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම එන්නත සම්බන්ධ තත්වයන් පරික්ෂා කර බැලීමෙන් පසුව ලාංකිකයන්ට ලබා දෙන බවය. මේ වනවිට ඒ නිර්දේශ ආණ්ඩුවේ බලධාරින් වෙත ලබා දෙමින් සිනෝෆාම් එන්නත මෙරට භාවිතයට නොගත යුතු බව දක්වා ඇත.
සාමාන්‍යයනේ මෙරටදී ඖෂධ ලෙස භාවිත කළ යුතු ද්‍රව්‍ය අනුමත කිරීමෙන් පසුව රෝගීණ්ට ලබා දෙනු ලබන අතර එන්නත් වැනි පූර්ව ප්‍රතිකාර, එනම් රෝග වැළැක්වීමේ පියවර අනුමැතියකින් තොරව සිදු කරන්නේ නැත. ඖෂධ ආනයනය, රෝගීණ්ට සුදුසුදැයි පරික්ෂාව හා රෝහල් වෙත ලබාදීම සඳහා බලයලත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ‘සිනෝෆාම්’ එන්නත භාවිතයට ගෙන තිබීම නිසා මෙරට සෞඛ්‍ය පිළිවෙත් උල්ලංඝනය කර ඇත.
මෙම එන්නත චීන ජාතිකයන් 4500කට ලබා දෙනු ලැබූ බවද ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම යන ප්‍රදේශවලදී චීන ජාතිකයන්ට මෙම එන්නත විදිනු ලැබුවේ මෙරට රෝහල්වල සහ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසිනි. මේ අනුව, අනුමත නොකළ ඖෂධයක් මිනසුන්ට ලබාදීම සම්බන්ධව, එනම් නීතියට පිටින් කටයුතු කිරීමට සෞඛ්‍ය සේවය මෙහෙයවීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් වගකිව යුතු වේ.
විශේෂයෙන් මෙරටදී මිනිසුන් සඳහා අනුමත නොකළ එන්නතක් මිනිසුන්ට ලබාදීමේ නීතිමය වරද සිදුකර ඇති අතර ප්‍රජාවට සෞඛ්‍යමය වශයෙන් හානිකර පියවරක් ගැනීම නිසා අවදානම් සහගත තත්වයක් උද්ගතව ඇත.
ලංකාවේ සේවය කරන චීන ජාතිකයන් යනු පර්යේෂණාගාර මීයන් නොවන නිසා, ඔවුන්ට අනුමත නොකළ එන්නතක් ලබාදීමේ පියවර අපරාධමය වරදක් වේ. තවද අනුමත නොකළ එන්නත් විශාල තොගයක් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගබඩාකර තබා ගැනීමේ නීතිමය ගැටලුවක්ද පැන නගී.
මෙරටට පැමිණෙන විදේශිකයන් සම්බන්ධ සෞඛ්‍ය ආරක්ෂාව සැලසිය යුතු වන්නේ මෙරට රජය, සෞඛ්‍ය අංශ වන බැවින් චීන ජාතිකයන්ට එන්නත් ලබාදීමෙන් ඇති විය හැකි අවදානමක වගකීමද රජයට භාර ගැනීමට සිදුවනු ඇත. මෙරට චීන තානාපති කාර්යාලය හරහා ගෙන්වන ලද මෙම නීති විරෝධී එන්නත් තොගය සම්බන්ධ ගනු ලබන පියවර සම්බන්ධව සෞඛ්‍ය බලධාරින්ට කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව ඇත. ආණ්ඩුවේ ඉහළම බලධාරින් විසින් චීන රජයට කළ ඉල්ලීමක් අනුව, දේශපාලන ජනප්‍රියතාවය වෙනුවෙන් මෙරටට ගෙන්වා ඇති මෙම එන්නත රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවදානමක්ද ඇත.