Posted on 10.02.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
අද දින ආරම්භවීමට නියමිතව ඇති China Open ටෙනිස් තරගාවලිය ඔක්තෝබර් මස 8 දින දක්වා සතියක කාලයක් චීනයේ බීජිං නැෂනල් ටෙනිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. China Open ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ තරගය මෙවර පැවැත්වෙන්නේ 19 වන වරටය. කාන්තා අංශයේ තරගය 21 වන වරට පැවැත්වේ.
2016 වසරේ China Open ටෙනිස් තරගාවලියේ පිරම් ශූරතාවය දිනාගනු ලැබුයේ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මුරේය. ඔහු හමුවේ පරජය ලැබුවේ බල්ගේරියානු ක්‍රීඩක ගිගොරි දිමිත්‍රෝව්ය. කාන්තා අංශයේ ශූරතාවය දිනාගනු ලැබුයේ පෝලන්තයේ ඇග්නිස්කා රඩ්වන්ස්කාය. ඇය හමුවේ පරාජය ලැබුයේ බ්‍රිතාන්‍යයේ ජොහානා කොන්ටාය.
මෙම China Open ශූරතාවය දිනාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිවිශාල මුදල් සම්භාරයක් හිමිවන අතර සමස්ත තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන මුදල ඇමෙරිකානු ඩොලර් 92,06,071 ක් බව වාර්තාවේ.