Posted on 11.26.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජාතික මැතිවරණ දෙකකදීම පිට පිටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තා අගමැති කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මාරු පහරක් යයි රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා(24) මහනුවරදී පැවති රැළියක් අමතමිනි.
රටේ බහුතරය මහින්ද රාජපක්ෂ එපා යයි ජාතික මැතිවරණ දෙකකදීම ජන්දය ප්‍රකාශ කර තිබියදීත් ඔහුටම නැවත බලය දෙන්නේ කෙසේදැයි රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රශ්න කර තිබේ. එසේම බහුතරය නැති පිරිසට බලය දීම තුළින් ජනතාවගේ විශ්වාසය සුන්වී ඇතැයිද ඔහු පවසා ඇත.