Posted on 12.10.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනප්‍රිය පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා එක් පන්තියක සිටිය යුතු සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කරමින් සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සීමා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වසරේ සිට වසරකට එක් සිසුවා බැගින් අඩු කර 2021 වසරේ 35 සීමාවට ගෙන ඒමට කටයුතු කරමින් තිබූ බව එම සංගමය පෙන්වා දෙයි.
අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් 2020.12.04 අධ්‍යාපන බලධාරීන් අමතා යොමුකළ ලිපියකද 2021 වර්ෂයේ හා ඉන් ඉදිරියට පළමු වන ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බව දක්වා තිබියදීත් ජනප්‍රිය ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාම කටයුතු කරමින් සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි.
“මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු දිවයින පුරා ප්‍රධාන පෙළේ ජාතික පාසල් සඳහා මේ ආකාරයෙන් මැති ඇමතිවරුන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටීම කනගාටුදායක තත්වයකි.” ලංකා ගුරු සංගමය පවසයි.