தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ජනාධිපතිවරයාට ලේකම්වරුන්ට උපදෙස් දීමට බැරි බවට මතයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරයාට ලේකම්වරුන්ට උපදෙස් දීමට බැරි බවට මතයක්



අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපති වෙත කිසිදු බලයක් පවරා නොමැත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසා තිබේ.

එහෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද, වෙනත් ආයතනද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත් යැයිද ඔහු පවසයි.

නමුත් ලේකම්වරුන් යනු පරිපාලනමය නිලයක් බැවින් ජනාධිපති ලේකම්වරයාට ලේකම්වරුන්ට උපදෙස් දීමේ බලය ඇති බවට අදහසක් තිබේ.