தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්! කෙසේවෙතත් ‘දේශපාලන කුමන්ත්‍රණයක්‘ ඇත! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්! කෙසේවෙතත් ‘දේශපාලන කුමන්ත්‍රණයක්‘ ඇත!



මේ දිනවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇති ප්‍රධානම රාජකාරියක්ව ඇත්තේ ජනාධිපති ඝාතනය කරන්නට කුමන්ත්‍රනය ගැන විමර්ශන කිරීමටය. එය ඇත්තක්ද නැත්තක්ද යන්ත ඔවුන් හොයාගන්නවා නිසැකය. ඇත්තක් නම් ඊට සම්බන්ධ උන් විතරක් නොවේ හුළගක් හෝ ගෑවුනු උන් කූඩු කරනවා සත්තය. ඒ නිසා ඒ වැඩේ ඔව්නුට පවරා අපට මේ ගැන දැනෙන හිතෙන දේ සටහන් කළ යුතුව ඇත.

ඝාතනය යනු අප විසින් කලක සිට අත්දුටු ව්‍යසනයකි. එය ව්‍යසනයකට වඩා අප අතර සාමාන්‍යකරණය වී ඇත. 1948 ලැබුවාය කියන නිදහස යනු මිය යාමද ඇතුළත් වූ නිදහසකි. එහෙත් එහි සියදිවි නසාගන්නට නම් නිදහසක් නැත. ඒ නිසා ජීවත්වනවා විනා ඇත්තටම ජීවිතය බලු ගානටම වැටී ඇත.  සමාජයක් ලෙස ඝාතනය භාරගත් පසුබිමක ජනාධිපතිවරයා ඝාතනය කිරීම වෙනත් අයකු ඝාතනය කිරීමට වඩා අවධානයට ලක් වේ.

පසුගිය දිනවල අපගේ අවධානය පැහැර ගත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියල ඇද වැටීමය. ඉන්ධන මිලේ සිට සියල්ල ඉහළ යද්දී ජීවත්විම දුෂ්කර වන ජනයාට එකිනෙකා මරාගන්නට හැර අව් විසදුමක් පාලකයන් ඉතිරිකර නැත. එක්කෝ පාලකයන් විසින් ජනයා දිනපතා ටිකෙන් ටික මරා දමනවා වෙනුවට එක්වර මෙහෙයුමකින් සංහාරය කළ යුතුව ඇත. නොඑසේ නම් පාලකයන් එකිනෙකා ඝාතනය කිරීමේ මෙවැනි ක්‍රමන්ත්‍රණ මගින් යම් වෙනස්කම් විය යුතුය. එවැනි ඔලු වෙනසකින් පාලක පන්තියේ සරල මාරුවක් මිස ජනයාට ඇතිවන සුවයක් නැත.

පාලකයන් විසින් නොසලකා හැරි, ඒ නිසාම අනන්ත පීඩාවන්ට තැලී පෙලී සිටින ජන සමාජයක නැගිටීම් ස්වභාවිකය. ඒවැනි නැගිටීම් වෙනුවට ඝාතන කුමන්ත්‍රණ හුවා දක්වමින් ජනයානෙුකම්පාව දිනාගන්නටද පෙළගැසෙන ජනතා විරෝධයෙන් ලිස්සා යන්නටද පාලකයන්ට, විශේෂයෙන් ජනාධිපතිවරුන්ට පුලුවන. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කතා දේශපාලන හරයක් සහිත බව අපි පිළිගනිමු.

නමුත් ජනාධිපති ඝාතනය කළා වුවද නැතා වුවද ජනයා මේ විදින පීඩාවෙන් මිදෙන්නේ නැත. ජනාධිපති මේ සමාජය මුහුණ දෙන පීඩාවෙන් එය ගලවා ගන්නවා කියා දහ අතේ දිවුරුම් දුන් බව ඇත්තය. නැවත ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේද නැති බව කියූ බවද ඇත්තය. එහෙත් දැන් ඒ සියල්ල අමතකව ඇති බවද සත්තය. ඒ නිසාම ජනයාට ඝතාන කුමන්ත්‍රණ කතා නිසා ජනාධිපති ගැන අනුකම්පාව උපදවන්නට පොටක් පෑදී ඇත. ඒ තත්වය ජනාධිපතිවරයාට වාසිදායකය. ගෝඨාට මෙන්ම මහින්ද, හිටපු ජනාධිපතිටද වාසිදායකය. ඒ ගැන කල්පනා කරන විට කුමන්ත්‍රණයක් ඇති බව අපටත් හැගෙන්නේය.