தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන් ඇංජෙලා මාකේල් පසුබෑමක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන් ඇංජෙලා මාකේල් පසුබෑමක



ඊයේ පැවැති ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ක්‍රිස්තියානු ප්‍රජාතනත්ත්‍රවාදී පක්ෂයට හැකියාව නොලැබුනත් සංධානයක් ගොඩනගා ගනිමින් හතරවන වරටත් ජර්මන් චාන්සලර් පදවියට ඇංජෙලා මාර්කේල් පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර මැතිවරණයෙන් ජර්මන් ක්‍රිස්තියානු ප්‍රජාතනත්ත්‍රවාදී පක්ෂය සිය ඉතිහාසය තුල ලබා ගත් අවම ප්‍රතිපළය මෙය ලෙස සැළකේ.  කෙසේ වෙතත් ජර්මන් පාර්ලිමෙන්තුව තුල විශාලතම මන්ත්‍රීධුර කණ්ඩායම මෙවරද හිමි ඇත්තේ ඇංජෙලා මාකේල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. එම සංඛ්‍යාව 200කි.

සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 26.8%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඇයගේ පක්ෂයට ආසන55ක් අහිමිව තිබේ.

ජර්මනිය සදහා විකල්පය ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ එරට අන්ත දක්ෂිණාංශික පක්ෂයට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 10.7%ක් හිමිකර ගනිමින් ආසන 80ක් දිනා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම මැතිවරණ ප්‍රථිඵලය අනුව ජර්මන් ජාතිකවාදී බලවේගයන්ට යම් ආකාරයක ඉදිරියට පැමිණීමක් පෙනෙන්නට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි




Related News