Posted on 09.02.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
නැගෙනහිර ජර්මන් නගරයක් වන චෙමිස්ට්හි ඊයේ පැවැති ෆැසිස්ට්වාදීන් හා ෆැසිස්ට් විරෝදී උද්ඝෙෘ්ෂණ කරුවන් අතර ගැටුමකින් පුද්ගලයෝ 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගැටුම හටගෙන තිබෙන්නේ ජර්මනියට පැමිණෙන සරණාගත එරෙහිව හා පක්ෂව පැවැති වාම කණ්ඩායම් හා ෆැසිස්ට් කණ්ඩාම් අතරය.
කණ්ඩායම් දෙකේම උද්ඝෙෘ්ෂණ එක් අවස්ථාවක එකට මුහුණට හමුවීම හේතුවෙන් මෙම ගැටුම හටගත් බව පැවසේ.
නාසිවාදී කණ්ඩායම් විසින් පවත්වන ලද සරණාගයන් එරෙහි විරෝධතාවලට එරෙහිව එරට වාමවාදී කණ්ඩායම් හා ෆැසිස්ට් විරෝදී කණ්ඩායම් විසින් එම උද්ඝෝෂණ පෙළපාලි පවත්වා ඇති අතර දෙපාර්ශ්වයේ කණ්ඩායම් එකට හමුවීමේදී මෙම ගැටුම හට ගෙන තිබේ.
ඊයේ ඇතිවූ මෙම ගැටුමෙන් පසුව දෙපාර්ශ්වයේ 11 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑතක සිට ජර්මන් අන්ත දක්ෂිණාංශික පිරිස් එරටට සරණාගතයින් ලෙස ආසියා හා අප්‍රිකා ජනයා පැමිණීමට දැඩි විරෝධය පලකරති. ඊට අමතරව ඔවුනට අවස්ථා ගණනාවකදීම පහරදීම් සිදුකර තිබේ.
වාම කණ්ඩායම් සදහා එරට වාමාංශික පක්ෂ හා හරිත පක්ෂය හා ඇන්ජෙලා මාකේල්ගේ ක්‍රිස්තියානු ප්රජාතන්ත්රවාදී පාලක පක්ෂයේ කණ්ඩායම් හා ජර්මන් සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කණ්ඩායම්ද සහභාගිවී ඇති බව වාර්තාවේ.
වාමාංශික කණ්ඩායම් විසින් විවිධ අවස්ථාවල ෆැසිස්ට් ප්රහාරයන්ට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා පවත්වා තිබේ.