தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ජීවත්වීමට හොදම නගරය වියානා බව ඉකොනොමිස්ට් සගරාව කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජීවත්වීමට හොදම නගරය වියානා බව ඉකොනොමිස්ට් සගරාව කියයි



ලොව ජීවත්වීමට හොදම නගරය වියානා බව  `ද ඉකොනොමිස්ට්` සගරාව කළ සමීක්ෂණයකින් පසු නම් කර තිබේ.

එම සගරාව විසින් සිදු කළ පසුගිය වසර ගණනාවක සමීක්ෂණවලින් යුරෝ රටක අගනුවරක් මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ වසර කිහිපයකට පසුවය.

පිළිවෙලින් පළමු ස්ථාන තුන අතර පැමිණී නගරයන් වන්නේ ඔස්ට්‍රියාවේ වියානා, ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හා ජපානයේ ටෝකියෝ යන නගරයන්ය.

පළමු නගර 10 අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න්, සිඩ්නි ඇඩිලේඩි අතුලත්වන අතර කැනඩාවේ කල්ගරි, වෑන්කුවර් හා ටොරන්ටෝද ඇතුලත්වේ ඊට අමතරව ජපානයේ ටෝකියෝ හා ඔසාකා යන නගර දෙකද ඇතුලත්වන අතර ඩෙන්මාර්ක්හි කොපෙන්හේගන් දහවන ස්ථානයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකොනොමිස්ට් සගරාවේ සමීක්ෂණයට ලක්කර ඇති ප්‍රධානතම අංගයන් ලෙස දක්වා ඇත්තේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය, අපරාධ අවමවීම, අධ්‍යාපන තත්වයේ ඇති ගුණාත්මක භාවය හා සෞඛ්‍ය සේවාවන්වල ඇති ගුණාත්මක භාවයන්ය කෙරෙහිය.

රටවල් ගණනාවක නගර 140ක් මේ සමීක්ෂණය සදහා තෝරාගෙන ඇති අතර ඒ අතරින් අවසානයට තේරී ඇති නගරය ලෙස නම් කර ඇත්තේ සිරියාවේ ඩමස්කස්ය.

සිරියාවට හා ඩමස්කස් නගරයට අද වන විට එම තත්වය අත්කරදීමට බටහිර රටවල් විසින් කරන ලද යුදමය මැදිහත්වීම් නොසලකා හැරීම බරපතල ලෙස සැකියයුතුය.




Related News