ඥානසාර හිමිට ඇපත් නෑ
Posted on 01.28.2016 by Awantha Idamegama in දේශීය පුවත් with 0 Comments
අධිකරණයට අපහාස කීරීම හා පුද්ගලයින්ට තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තතේ ඥානසාර හිමියන් වෙනුවෙන් අද අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ නමුත් එම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තීරණය කර ඇත.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ ඥාණසාර හිමියන්ට රටේ බලයලත් පුද්ගලයින්ට ලැබෙන වරප්‍රසාදයක් ලැබී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. එනම් රක්ෂිත බන්ධනාගර ගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ විවේක සුවයෙන් රැදී සිටීමේ අවසරයයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ සිය රුධීර පීඩනය වැඩි බවත්, එය පරීක්ෂා කර ගත යුතු බවත් ඥානසාර හිමියන් විසින් දැනුම්දීමෙන් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බවයි.