தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ඥානසාර හිමි අල්ලන්න වරෙන්තු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාර හිමි අල්ලන්න වරෙන්තු!



බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(15) වරෙන්තුවක් නිකුත් කර ඇත.

ඒ හිමියන්ට එරෙහිව අධිකරනයේ පවතින නඩුවක් වෙනුවෙන් ඉදිරිපත් නොවී අධිකරණය මගහැර යාම නිසා මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී. පසුගිය සති කිහිපයක්ම ගලගොඩ අත්තේ හිමි කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි නොවී සැගවී සිටී. කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූයේ ඒ හිමියන් සැගවී නැති බවත් අවශ්‍ය වෙලාවට ඉදිරියට එන බවත්ය.