தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ටැන්සානියාවේ බෝට්ටු පෙරළීමෙන් 86 මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටැන්සානියාවේ බෝට්ටු පෙරළීමෙන් 86 මියයති



ටැන්සානියාවේ වික්ටෝරියා විලේ බෝට්ටුවක් පෙරළිමෙන් 86 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.

’එම් වී. නයිරේ’ නැමැති මෙම මගීන් ගෙනයන බෝට්ටුව නිපදවා ඇත්තේ මගීන් 100 දෙනෙකු ගෙනයාම සදහාය.

අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බොට්ටුවේ ගමන් ගැනීම හේතුවෙන් මෙය පෙරළී ඇති බව වාර්තාවේ.

සෑම වසරකම වික්ටෝරියා විලේ ගිලී අප්‍රිකානුවන් හා සංචාරකයින් විශාල ප්‍රමාණයක් මියයන බවද වාර්තාවේ.

ඊයේ දින මෙම බෝට්ටුව පෙරළිගොස් ඇති අතර එහි සිටි මගීන්ගෙන් 86 දෙනෙකු මියගොස් සිටියදී සොයා ගත් බව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතවූවන් විසින් හෙළිකර තිබෙන බව වාරත්ාවේ.

වික්ටෝරියා විල පිහිටා තිබෙන්නේ ටැන්සානියාව, කෙන්යාව හා උගන්ඩාව යන රටවල්වලට මැදිවය. මෙහි වසරකට විශාල ප්‍රමාණයක් බෝට්ටු පෙරළිමෙන් මියයන බව වාර්තාවේ.

ටැන්සානියාවට සංචාරකයින් පැමිණෙන එක් ස්ථානයක් වන්නේ මෙම වික්ටෝරියා විල නැරඹීමටය.

අප්‍රිකානු කලාපයේ ඇති විශාලතම මිරිදිය විල ලෙස මෙම වික්ටෝරියා විල හදුන්වනු ලබයි.




Related News