தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ටෙලිකොම් පාපැදි සවාරියේ තෙවන අදියර මහියංගණයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටෙලිකොම් පාපැදි සවාරියේ තෙවන අදියර මහියංගණයට



ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරිය පසුගිය 4 වැනි දින කොළඹින් ආරම්භවූ අතර එහි පළමු අදියර මාතරින් අවසන්විය.

කිලෝ මීටර් 159.5 කින් සමන්විත පළමු දිනයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඬේන් නුගේරා සමත් විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වාදට හිමිවූ අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂද හිමිකරගෙන තිබේ.

ඊයේ මාතර නගරයෙන් ආරම්භ වූ දෙවැනි අදියර බලංගොඩ නගරයෙන් අවසන් වූ අතර එය කිලෝ මීටර් 161.4 දුරකි. දෙවන දිනයේ ජය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්තට හිමි විය.
එහි දෙවැනි ස්ථානය හිමිවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුෂංකටය. තුන්වන ස්ථානය අමිත් උදය කුමාරට හිමිවිය.

අද දින එහි තෙවැනි අදියර බලන්ගොඩ නගරයෙන් ආරම්භ කර මහියංගණය නගරයෙන් අවසන් කිරීමට නියමිතය. එම දුර ප්‍රමාණය කිලෝ මීටර් 130.8 කි.




Related News